එහෙයි මෙහෙයි යන්ත්‍ර වෙනස...!
තාක්ෂණය ගල් යුගයෙන්
ඇරඹී ලැබු ඒ දියුණුව...
සූක්ෂ්මව යොදවා ගත්තේ පිටරැටියොයි තියුණුව...
තීක්ෂ්ණව ගත් තීරණ ලොව කලඹාලා එ අනුව ...
ඒක්ෂණයකින් නොව, අද
පෙන්වයි බලයත් දරුණුව...
හැම අතින්ම දිවිය පහසු
කරවයි ඒ, නව නිමැවුම්...
සමහර දෑ දුටුවම පුදුමයි
කෙරුනත් නෙක ගැරහුම්...
නමගිය විද්වත් උදවිය
කළ හින්දා නිසි සැලසුම් ...
එම රටවල් දියුණට පත්විය
නොමැතිව කිසි පැරදුම්...
බැලුවම අපෙ දියුණුව ගැන
හැරිලා ආපසු ටිකකට...
සතුවම ඇත්තේ ණයබර
පමණක් නොවෙදෝ රටකට...
පැතුවම යන්තර බැඳ බැඳ
හරියයි කියලා මතුවට...
නැතුවම යාවිද කරදර
ඒ වදදෙන යම් සිතකට...
යන්ත්‍ර රාජයෝ බලගතු මෙහි තවමත් විකිණෙනවා...
මන්ත්‍ර ශාස්ත්‍රය ගැන නෙක පුවතුත් ඔහෙ පලවෙනවා...
තන්ත්‍රය රජයේ, ඒ ගැන මුණිවත රැක හිනැහෙනවා...
අන්ත්‍රය අපෙ සැම සිරුරේ, ටික ටික දැන් හැකිලෙනවා...
