මුදල් නෝට්ටුවෙ පිලිතුර...!

මුදල් නෝට්ටුවෙ පිලිතුර...!

දක්ෂිණී සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා දෙහිවල

ආකල්පය හොඳින් සිතේ වඩව ගැනුම හරිම අගේ... පාසැල් ගියකල ඒ ගැන සිතුව අයට මලේ නගේ... දාවල් තරු නොපෙනෙන බව නොකිව මනා යනෙන මගේ... මේ කල්පය තුල සැනසුම සුවය ලබයි නිවන වගේ... ඔබ ඇසුවොත් මුදල් නෝට්ටුවකින් මෙලෙසින් විමසා... "සැබවින් කොලයක් නෙව, ඇයි අහංකාර? " යැයි පවසා... හබයට ඒවිද තරහින්, නොකියාවිද එය ඉවසා... "නුඹ ඇයි සුරකින්නේ මා පොකැට්ටුවේ ඉඩ සලසා?"... එසේම තව නොකියාවිද, "එතරම් මා බාල වුවත්.., කෙසේම හෝ මහන්සිවී හොයන්නෙ ඇයි මාව නුඹත්... රසේම මගෙ, දන්න නිසයි නේද ලබා අනණ සුවත්... විසේම වැඩි වුනොත් පුතෝ , යයි හොම්බෙන්, පුතත් දුවත්... ධනවත් යන ගෞරවෙ ලැබුනේ මා ලඟ ඇති හින්දා.., ගුණවත් බව නැති අය නිතරම ලබනව නව නින්දා... බලවත් බව තාවකාලිකයි කියලා සිතෙ රන්දා... අදවත් ආකල්ප වෙනස් කරගන් !" පවසයි උන්දා...
කවිය බලන්න