බාධක හමුවේ...! ****************

බාධක හමුවේ...! ****************

දක්ෂිණී සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා දෙහිවල

බාධක හමුවේ...! **************** එක එක අය සිතන අයුරු වෙනවලුනෙ වෙනස් ... නෙක නෙක ඒ ගැටලු හමුවෙ විවිධලු අදහස්... දැක දැක සිටි කලදි මෙ රූ පහලව මඳහස්... සැක නොකරම ලියවුනෙ මෙය නොමවෙනු උදහස්... බාධක මැඩ ඉදිරියටම තිදෙනෙකු යන්නේ... සාධක සහිතව පෙනුනේ වීඩියොවෙන්නේ... ඒ දැක මුලදිම ගිය ලඳ ගැන ලිය⁣වෙන්නේ... මා දැක නැති අයුරිනි ඇය එය ජයගන්නේ... පැනුමට උස නොහැකිව ඇය යන්නේ රිංගා... දැනුමට අනුවයි කෙරුනේ නැතිවම හංගා... මිනුමට ඉඩ, මොලෙ ඇති බව පෙන්නුවෙ නංගා... ගිණුමට ඇගෙ වැටුනේ මගෙ ලකුණුයි රුං ගා... ඉන් පසු ආ ඒ තරුණා වැඩකිඩ පෙන්නා... ගන් නැතිවම වැඩි වෙහෙසක් එමතින් පැන්නා... මන් ඔහුහට මගෙ ලකුණක් වැඩිකර දුන්නා... යන්නට ගියෙ බාධා ජය ගත්තෙකු මෙන්නා... අන්තිමෙ ආවේ යාමට, අයකුයි මිටි, තර... මන් හිතුවේ කෙලෙසින් පන්නාවිද තම බර... ගන්නා හැටි, එය ඔසවා නැතිවම කරදර... දුන්නේ මා හට පුදුමම හැඟුමකි එම වර... ඔසවා ගත් බාධකෙ වටයක් කර කවලා... යසටම ඒ තිබු හැටියට එතැනම තබලා... උස නැතිවට කිමදෝ , මෙහෙමයි මොලෙ, කියලා...
කවිය බලන්න