විඩා නිවන මී මැස්සෝ...
වටින කියන කෙනෙක් ගැනයි අද කියන්න මා සිතුවේ...
සිටිනව නම් ඔබෙ වත්තේ හරිහැර නොම කළ යුතුවේ...
කටිනව නම් මොවුනට වින මහම පවක් ඉන් සතුවේ...
තුටින ඉදින් පහදන්නම් ඇයි රැකුමට මා පැතුවේ...
තිබුණේ මෙය සටහනක්ම ලෙස වතපොතෙ පලකරලා...
ලැබුණේ ඉන් දැනුමයි මට තබා ගතිමි සිතෙ දරලා...
බෙදුනේ නම් එය හැමටම හොඳයි
සිතා කවිකරලා...
බැඳුනේ පද මෙලෙසයි , කියවා බලනුව නෙත් ඇරලා...
නැතිව ගියොත් 'මී මැස්සන්' මහ පොලවෙන් යම් දිනයක...
ඇතිවන්නේ කියා නොහෙන විපතකි තරමේ හෙණයක...
සිතිය යුත්තෙ රකිනාබව අප නොදැනම සිටි ගුණයක...
ඉතින් මෙලෙස පවසමි ඒ
'ජීවයමයි' හැම වනයක...
ගහ කොළ නැති ලොවක කෙසේ දිවි රැකේද සිතමු සිතින්...
දහම අනුව කවදා හෝ වූවත්
එය දකිමු බැතින්...
අහම්බයෙන් දුටුවොත් මෙලෙසින්
හරිනව විඩා, ගතින්...
වහම නොවී කලබල ඉනු, යයි උන්
පසු දිනම ඉතින්...
පිනක් කරන්නට සිතෙ නම් පැතැලි තැටියකට පෙරලා......
දනක් ලෙසින් දීමට හැක සීනි වතුරෙ දිය කරලා...
පනක් එනව කියා තිබේ එයින්
උන්ට බී උරලා...
අණක් නොවේ, කවදාවත් නොදා ඉන්න අනෙ මරලා...
කවිය බලන්න
