ඇයි මේ...!

ඇයි මේ...!

දක්ෂිණී සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා දෙහිවල

බොහෝ මිනිස්සුනට නොමැති වරප්‍රසාද හෙම ලබන්න... අහෝ සුනඛයෙකු වීලත් සුව පහසුව නිදියගන්න... සහෝදරයො වගේ ගෙදර දරුවන් සමගින් සිටින්න... මහෝඝයක් තරමට ඇති නෙව මුන්දෑ පින් කරන්න... ⁣එහෙත් ඉතිං සුනඛ බවේ මෙලෙසින් උපතක් ලබන්න... ඉහෙත් තියෙන්නැති මානය අන් අය පහතට හෙලන්න... මහත් උජාරුවෙන් උඩඟුවී ඉන්නැති, හරි තුටින්න... බෙහෙත් නොමැති ලෙඩකි ඒක ප්‍රතිපල පසුවට විඳින්න... ලොක්කෙකුවී ඇත්නම් ඔබ කුමන ලෙසින්වත්, හිතන්න... සොක්කන් වූ අනෙක් අයට හෙලා තලා දුක් නොදෙන්න... බක්කන්-ඔලු, වගේ හැසිරුනොත් වෙන්නේ, එය ගෙවන්න... දක්කන් යන වඳුරු කුලේ හෝ බලු උපතක් ලබන්න... ඇත්තේ එය බුදු දහමේ , සොයා කරුණු කියවගන්න... සත්තේ පහදා තිබුණේ 'තෝදෙයිය'ගෙ වග කියන්න... "ඇත්තේ මේ සුනඛ වෙසින්, පියා ඔබේ! " විය දෙසන්න... මොත්තේ දැම්මා නොව බුදු හිමි හැදුවේ පහදදෙන්න... ඉතින් මෙවන් දේ සුළු කොට නොසිත ඔබත් සිතට ගන්න... බැතින් එදිනෙදා කටයුතු කරන් නිහතමානි වන්න... වතින් පිදෙන සිනාව ඇති යමෙකුගෙ හදවත පිනන්න... අතින් දමල නොවෙයි ලියුවෙ සථ්‍ය කරුණු බව කියන්න...
කවිය බලන්න