ඉසිඹුව ඇවිදින්.......

ඉසිඹුව ඇවිදින්.......

වෛද්‍ය පද්මලාල් පතිරගේ නුගේගොඩ

යොවුන් වියේ සිට ගිලනුන් ඇසුරේ උගත්ත දේ නම් තව මතකයි ඒ දෙය පෙරළා ඔවුනගෙ සුවසෙත වෙනුවෙන් පිදුවා තව මතකයි සුවපත් වූ ගිලනුන් ගේ මුවඟේ නැඟෙනා හසරැල් තව මතකයි ඒ දැක හදවත තුල පිපි මල් වල සුවඳත් අද වාගේ මතකයි. මිනිසුන් නසනා රුදු අවි වෙනුවට සැත්කම් පිහියක් ගෙන අතට දරුවන් මල් මෙන් උපද්දවා සෙ⁣නෙහස දී මා පිය සිත් වලට පැතුමන් සපුරා ලද මනු දිවියෙන් සලසා වැඩ හැම ලෝ සතට ගතවුනු කාලය ගැන සිහි කරමින් හැරුනෙමි මඳකට පසුපසට. නොසිතූ මොහොතක ගිලන් වෙලා සිටි සත හට සුවය සදාලා අත් පා බිඳිලා එක් තැන් වූවන් හට යළි සරණක් වීලා දිවි මඟ සතුටින් උන් සරණා හැටි දුර සිට නුවන් යොමාලා සෙනෙහස් හැඟුමින් සිත් සනසා ගමි මතකය තුල ගොළු වීලා. දුරකතනය සයනය අසලම රඳවා ගන්නට වන්නේ නැහැ මතු ආයෙත් නින්ද නොනින්දත් අතරේ ගිලනෙකු හඬ නොඇසෙනු ඇත මතු ආයෙත් දිගු කොරිඩෝ වල දිව රෑ නොබලා ඇවිදින්නෙත් නැහැ මතු ආයෙත් කාලය ගෙවිලා ඉසිඹුව ඇවිදින් එන්නට වෙන් නැහැ මට ආයෙත්.
කවිය බලන්න