අවබෝධය

අවබෝධය

මහාචාර්ය මනෝරි ගමගේ හැව්ලොක් ටවුන්

මාරුතේ අවුස්සා රැගෙන ගොස් දූළි රළ
ජීවිතේ කලත්තා එහෙ මෙහෙට හමන කල
මාවතේ මෙතෙක් රැඳි ඉන්න මට තිබුන බල
මා අතේ අද නොමැත වැළපිලා කිමද ඵල

පාට පාටින් දුටුව හීන දියවෙන කලක
රෑට හිමිහිට දැනෙන දෑස වෙහෙසන තෙතක
දාට සමහර හිතමි නිදි නැතුව මුළු රැයක
කාට පවරමි වරද මටනෙ වැරදුන තැනක

ගමන් මග සංසාර ලියා ඇති ලෙසකටම
හිමින් ළඟ රැඳෙනවා දුක සතුට විලසටම
තදින් අල්ලා කිසිත් තබාගනු බැරිබවම
හොඳින් දැන සිටිය යුතු දහමක්ය තුන්කලම

'අඩක් මේරූ ගැබක්' කාව්‍ය සංග්‍රහයෙන් @ සැප්තැම්බර් 2025

කවිය බලන්න