පාලිත පෙරේරා

පාලිත පෙරේරා

චින්තක යාපා

සුදු පන්දුව පිත්ත සටනේ දළකාර-
ගුවනින් ගෙනා අප වෙත අකුරක් නෑර-
මතකෙට නැගෙන හැම මොහොතෙම මනහාර-
අමතක නොවේ පාලිත ඔබ හැඩකාර

සුද්දන්ගේ ක්‍රිකට් වැජඹුනු ඒ කාලේ-
නැගලා විචාරක විස්තර අට්ටාලේ-
තේරෙන බසින් අප වෙත ගෙන ආ තාලේ-
මනරම් කවියක්ය රැව් දුන් මා බාලේ

ඕවල් පිටිය එස් එස් සී තණ තිල්ල-
දෑහින් නොදුටු අස්ගිරියේ හෙවණැල්ල-
පෙන්වූ අපේ මුවගට දී හසරැල්ල-
ගලා ගිය වදන් බඳු දියළුම ඇල්ල

“වකාර් යුනිස් එනවා අස්වයෙක් වගේ”—
“ඊටම ඔබින ජයසූරිය හිඳින රඟේ”
රූ වාහිනි නැතුව සවනින් දැකපු අගේ-
අමතක නොවේ තවමත් මට එදා වගේ

“පැන්නා පෙරට පන්දුව එන මාවතට”-
“දුන්නා පහර ගෙන පිත්තේ හරි මැදට”-
අරවින්දගේ නොනිවෙන පිති හරඹයට-
දුන්නා ඔබේ හඬ ජීවය තරගයට

මනෝජ් ප්‍රබාකර් නියපොත්තෙන් තාලේ-
රතු පන්දුවේ සීම් එක හූරපු වේලේ-
උකුසු ඇසින් දැක තරගය මැද කාලේ-
“මේකා දොඩම් විකුණනවද” ඇසු තාලේ

අසූ තුනක් සමරන අද දින ඔබට-
නිදුක් නිරෝගිව සුව පතනෙමි හෙටට-
ඔබ මැණිකක්ය පාලිත අයියේ අපට-
හැමදාමත් වටිනවා ඔබ මට රටට

ආදරණීය පාලිත අයියාට සුබ උපන්දිනයක්

චින්තක -03/09/25

කවිය බලන්න