හනකො
කළා සපිරි එස්.එල්.සෙනෙහෙධීරයන් විසින් රචිත ' හනකො ' අපූරු නවකතාව පසුගියදා ගොඩගේ ප්‍රකාශනයක් මඟින් දොරට වැඩිණි .මේ ඒ පිළිබඳව සම්මානිත මහාචාර්ය කුලතිලක කුමාරසිංහ සූරීන් ලියූ පසුවදනයි.
-------------------------
කලා ක්ෂේත්‍රයේ සාමාන්‍ය නිර්මාණකරුවෙකුට වඩා උගත් බුද්ධිමත් විද්වතෙකු වූ එස්. එල්. සෙනෙහෙධීර සුවිශේෂී කලාකරුවෙකි. පාසල් වේදිකාවෙන් රංගන ශිල්පියකු ලෙස කරළියට පැමිණි ඔහු කැළණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයකුව සිටියදී නිෂ්පාදිත 'පාරාලෝක' වේදිකා නාට්‍යය ඇතුළු වේදිකා නාට්‍ය රැසකට රංගනයෙන් සහ පසුතල නිර්මාණයෙන් දායක වූයේය. 'තවලම' සිනමා චිත්‍රපටය සහ එංගලන්තයේදී රූගත කළ 'සිහින පාරාදීසය' ඇතුළු චිත්‍රපටය ඇතුළු රූපවාහිනි නාට්‍ය, සිනමා නිර්මාණ මෙන්ම වේදිකා නාට්‍ය ඇතුළු ශ්‍රව්‍ය දෘෂ්‍ය නිර්මාණ කිහිපයකටම රංගනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් දායකත්වය ලබා දී ඇත. කවියෙකු ද වන සෙනෙහෙධීර 2022 වසරේ දී 'නව සඳේ පායන්' නම් ප්‍රථම කාව්‍ය සංග්‍රහය එළිදැක්වීය. ඔහු ගේය පද රචකයෙකුද වෙයි.
කැලණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියද, ජපානයේ තෝකියෝ හී නිහොන් විශ්ව විද්‍යාලයෙන් සිනමා හා රූපවාහිනී විශයානුබද්ධ ශාස්ත්‍රපති උපාධියද හිමිකර ගත්තේය. තවද ඔහු එංගලන්තයේ ලන්ඩන් මෙට්‍රොපොලිටන් විශ්ව විද්‍යාලයෙන්ද ජන සංනිවේදනය සඳහා ශාස්ත්‍රපති උපාධියක් හිමිකර ගත්තේය. එංගලන්තයේදී බී.බී.සී. ආයතනයට සම්බන්ධ වූ සෙනෙහිධීර 2017 වර්ෂය දක්වා එහි මාධ්‍යවේදියෙකු ලෙස සේවය කළේය. ඔහු වෘත්තීය ජීවිතය ආරම්භ කළේ මෙරට ටී. එන්.එල් රූපවාහිනිය ආරම්භයේදීම එහි කලා අධ්‍යක්ෂකවරයා ලෙස සහ වැඩසටහන් නිෂ්පාදකවරයෙකු ලෙසටය.' පියගැට පෙළ',පුංචි රුවන්, තාරකා යන වැඩ සටහන් නිෂ්පාදනය කරනු ලැබුවේද ඔහු විසිනි. 'රසවිත' ඇතුළු බොහෝ වැඩසටහන්වලදී නිවේදකයෙකු ලෙස මෙන්ම සම්මුඛ සාකච්ඡා මෙහෙයවන්නෙකු ලෙසද ඔහු සිය කාර්යභාරය ඉටු කළේය. වර්ෂ 1996 ජපානයේ NHK රුපවාහිනිය මගින් සංවිධානය කෙරුණු අධ්‍යාපනික වැඩසටහන් තරඟයේදී සෙනෙහෙධීර නිෂ්පාදනය කළ 'පියගැට' පෙළ වැඩසටහනට විශේෂ සම්මානයක් හිමිවිය.
සෙනෙහෙධීර ගේ නවතම ප්‍රයත්නය වන්නේ ජපානයතෝකියෝ නුවර පසුබිම් කරගෙන විරචිත 'හනකො' නම් නවකතාවයි. නවකතාකරණය පිළිබඳ ඔහුගේ කුසලතා කෙබඳු දැයි එම පරිථයෙන් හඳුනාගත හැකිය. විවිධ කලා ශානර නියෝජනය වන අයුරින් නිර්මිත කලා නිර්මාණ වලින් සෙනෙහෙධීර ගේ නිර්මාණ කුසලතා මැනවින් ප්‍රකට වන අතර මගේද ආදි ශිෂ්‍යයෙකු වන ඔහුට තවදුරටත් කළා ක්ෂේස්ත්‍රයට අගනා දායකත්වයක් සැපයීමට වාසනාව හා දයිර්යය ලැබේවායි ආශිර්වාද කරමි.
කවිය බලන්න
