අනන්ත රාත්‍රිය
සිතම දවටා දුඹුරු පැහැයෙන්
කලත කලතා පතුල බලමින්
ශීත සුසිනිඳු පින්න තවරා
ගියේ ඇයි රෑ වෙන්න දී
දුහුල් සාරිය අහස දිගටම
විසිරිලා මඳ සුළඟෙ දැවටී
අනන්තය තෙක් ඈත ඈතට
සෙමෙන් කිම පාවී ගියෙ
පාළු අහසේ සිත ගලා යයි
පින්න මුළු සිරුරම තෙමා ලයි
රුක් වදුළු අතරින් ගලා එන
ගීතයේ නුඹෙ හඬ ඇසේ
සුමුදු ඒ හඬ හදවතට වැද
කොඳුරමින් සිත තල තලා යයි
අනන්තය වෙත නුඹ ඇදෙද්දී
තනිවෙලා කවුදෝ හඬයි
Photo Credit; Oliver Fehrle
කවිය බලන්න
