ක්‍රිෂාන්තිගේ අඩිපාරේ - The Trail of Krishanthi's Foot Prints
ලන්ඩන් කවියට නොකඩවා ලියන ස්විස්ටර්ලන්තයේ වෙසෙන රත්නපාල ගමගේ සූරීන් ගේ නවතම කෘතිය 'ක්‍රිෂාන්තිගේ අඩි පාරේ' ගවේශනයයි.
මෙහි පහළින් ඇත්තේ එහි පසු වදනයි.
-------------------------------------------
ගවේශනාත්මක මෙන් ම ප්‍රායෝගික ප්‍රවෘත්ති වාර්තා කරණය සාහිත්‍යමය ගැලපීම් හා සහ සබඳ වනු දැක්ම සුලභ අත්දැකීමක් නොවේ. විශේෂයෙන් ම යුද පෙරමුණේ සිට එම කාර්යයෙහි යෙදීමේ දී බොහෝ විට ඇත්තේ ජීවිතයත් මරණයත් අතර නිමේෂයක වෙනසක් වන්නට පුළුවන.
සුභාෂිතයේ කීවාක් මෙන් 'සටන් බිම අසිපත් ගත්තවුන්' දුලබ ය. එයින් සැතපුම් සිය ගණනක් එපිට නගරයේ සිට කඩු ලෙළවන්නෝ බොහෝ ය.
ඔවුන් අතර සැබෑ සටන් බිම මාධ්‍ය සෙනෙවියෙකු ලෙස නිසැකවම ඉදිරි පෙළ සිටි රත්නපාල ගමගේ සාහිත්‍ය සූරීන් ගේ 'ක්‍රිෂාන්තිගේ අඩිපාරේ', ගවේශනාත්මක සාහිත්‍ය යේ අපූරු සනිටුහනකි. අයහපත් ශරීර සෞඛ්‍ය ද නොසලකමින් ඔහු විසින් රචිත මෙම ග්‍රන්ථය පාථකයා ගේ නෙතට කඳුලක් ගෙන එනු නොඅනුමාන ය.
නීතිඥ අනුර හෑගොඩ - ලන්ඩනය
The task of producing reportage that is at once investigative and literary in character is by no means an easy undertaking. To engage in such work from the very frontlines of war is to inhabit, quite literally, the fragile boundary between life and death.
As the ancient maxim reminds us, “Those who have borne the arrows of the battlefield are few; yet countless are those in distant cities who brandish their swords.”
Amidst those rare few who truly stood at the very forefront as a General of the media is Ratnapala Gamage. His latest work 'The Trail of Krishanthi's Foot Prints' , a distinctive contribution to the field of investigative literature, is a rare and precious testament. Composed despite the hardships of ill health, this volume is certain to move the reader deeply—bringing forth, at times, a tear to the eye.
Anura Hegoda, Solicitor — London
