කුමුදු
කලල් දියෙන් මතුව පිපුන කුමුදු දුල
පළල් රිවිරැසට නතුවන අයුරු බල
තැවුල් මතින් පෙති ගැලවී මතින් ජල
කිවුල් දියට කැඳවාගෙන ගියයි නල
රැයේ සිනහවයි දිය හා පහළ ගිය
වැයේ විරහ ගී දහවල ඉවුරු ළය
ඇගේ සරාගය කැලතුණු ගඟේ දිය
ළයේ හොවා කුමුදක් දියඔටම විය
Photo Credit; Maddy Weiss
කවිය බලන්න
