මඟ හැරුන සැදෑවන්
දම්පාට වළාකුළු ගගන සැරිසරනවා
නිම් වළල්ලෙන් එපිට ලෝකයක් තියෙනවා
දුම්රියේ කවුළුවෙන් නෙත් ඈත ඇදෙනවා
මම තාම මට අහිමි ජීවිතය සොයනවා
හන්තාන මඟ හැරී නමුණුකුල හමුවේද
පින්තාරු කළ හීන තුන් යමේ බොඳවේද
ගංගාවේ ගීතයට උල්පතක් හිමිවේද
සන්තානගත කඳුළු හිත් පතුලෙ සිදුනේද
ක්‍රිෂ්ණාට තමලු වැල් අතවැනූ බව ඇත්ත
රාධාට හිමි වුණේ මල් නොවේ කටු ඉත්ත
සොයා වෙහෙසී කුමට ප්‍රේමයේ පිට පොත්ත
මඟ හැරුණ සැදෑවන් නුඹට වේවිද තිත්ත
වැටෙන විට හේඩෑව ගිම් තැවුල් නිවාවි
පිපෙන මල් අතුපතර සිය දහස් පිපේවි
තුඩින් තුඩ විහඟුන්ගේ ගී නාද ඇසේවි
ජීවිතය මොනතරම් සුන්දරද දයාවි
කවිය බලන්න
