සංසාරේ ගැන ලියූ සින්දු

සංසාරේ ගැන ලියූ සින්දු

පූජ්‍ය මහගම සීලානන්දහිමි වේයන්ගොඩ

සංසාරේ ගැන ලියූ සින්දු ජනී ජන හදවත් හි රැන්දු දෙව්රමට බෝ මැඩට වැන්දූ යති ගීය සිහසුනට කැන්දූ බුදු සුවඳ ගල්වනා ගීයකි මව් ගුණෙන් පිරි සෙනේ යායකි දිවි සැරිය අපිස් මිගදායකි හැම දිනම හිමිට පුරපෝයකි විසල් මහ තුරකි අතු විහිදා සෙවණ දුන් සිසිල දැය පුබුදා සත්සරය බණ මඩුවෙඇසුදා උවසු සිත් පහන් කළසමිදා පහනකින් පහන් සිය දහසක් රඹුකනින් ගී ලොවට පියසක් පන්සිළුට කියන්නැති රහසක් වඩින වග තුසිතයට දවසක් බේරෙ වැව සමීපයෙ වැඩ හිඳ සුභාවිත ගී වැලක් වැව්වද දුහුණන්ට කොතෙක් අත දුන්නද පින් බෙලෙන් මොක් පුරේ වෑඩියද
කවිය බලන්න