මගේම අහසක්
මගේම අහසක්
අනුන්ගෙන් ඉල්ලාගත්
හඳ එළිය හෝ තරු රටා
මට තවදුරටත්
අයිති නැත...
ඇවැසිද නැත!
කඳුළු වැස්සට
පෙඟී මියැදුණු
අතීතයේ සොහොන් කොත මත,
මම දැන්
මගේම අනන්‍යතාවයේ
ධජය ඔසවා ඇත්තෙමි.
ඉගිලී ගිය පක්ෂියෙකුගේ
හිස් කැදැල්ල දෙස බලා
තැවෙන යුගය නිමාවී ඇත.
නොබිඳිය හැකි ශක්තිමත් පියාපත්
දැන් මා සතුය!
නෑඹුල් මලක් වී
කෙදිනක හෝ පිදෙන තුරු
මගබලා සිටි,
අතීත තිර කතාව
මම අදින් වසා දැමුවෙමි!
හිරු නැගෙනා කඳු අයිනෙන්
මම නැගී සිටින්නෙමි,
අනුන් තැනූ රාමුවක නොරැඳී...
මා ලෙසින්ම,
මා වෙනුවෙන්ම!
Photo Credit; Guillaume de Germain
කවිය බලන්න
