බුදු පසේ බුදු රහත් පහන් වැට දල්වන්න...............

බුදු පසේ බුදු රහත් පහන් වැට දල්වන්න...............

පූජ්‍ය මහගම සීලානන්දහිමි වේයන්ගොඩ

වස්සාන පින්කමට පේවෙන්න දම් වැස්සෙ හැකිතරම් නෑවෙන්න භව දුකට ඔසු සොයා වෙහෙසෙන්න පිටත් වෙමු ළඟයි නොවැ රෑවෙන්න ​අඬගසයි දිවා රෑ බිම්බරක් සේනාව මර දූවරුන් රති ස්වරෙන් වැයු වීණාව රිදුම් පහරින් ඇදෙයි සංසාර දෝණාව නැගෙමු පින් පුරන්නට මේ දහම් යානාව ​අත්හැරීමක සුවය මේ භවේ විඳගන්න කෙලෙස් මහ කැලෑවේ අරටුවම සිදලන්න පෙණ බුබුලෙ වියැකීම නැණසින්ම දැකගන්න බුදු පසේ බුදු රහත් පහන් වැට දල්වන්න ​මෙරු රෑන් පාන වට රඟා - තටු සිඳ ගනී වහ කදුරු අතට ගෙන සොයයි - රස මී පැණි ඇතුළතින් ගිනි නගා - පිටතටත් පැතිරුණි අමා දම් සිහිළසින් - දැවෙන ලොව සැනසුණි ​බෝපතක් වැලිමළුවෙ - ගයයි අනියත බණක් ඉපදීම වියැකීම - ජීවිතේ පිණි බිඳක් කඨින පින් උල්පතින් - ගලයි නොසිඳෙන ගඟක් සොයා යමු පින්වතුනි - දුකින් මිදෙනා මඟක්
කවිය බලන්න