සිඳී ගිය මතක දිය සුළි අතරේ......

සිඳී ගිය මතක දිය සුළි අතරේ......

පූජ්‍ය මහගම සීලානන්දහිමි වේයන්ගොඩ

සිඳී ගිය මතක දිය සුළි අතරේ මූලයන් සොයා පහළට ඇදෙමි... කළු පැහැති මහ පොළොවෙ ගැබ ඇතුළේ නැවුම් ජීවයේ හුස්මක් තබමි... ​දැවී ගිය අතු අගින් ඉගිල යන අළු ධූලි සුළඟටම භාර දී, පෑරෙන්නෙ නැති හදක පැතුම් බිජු නිහඬවම පැළවෙන්න ඉඩ හරිමි... ​හැඬූ තරමට වැටුණු කඳුළු බිඳු පොළොව යට දිය උල්පත් කරමි... අඳුරේම මගෙ මුල් ඇදී යන විට එළිය ගැන රහසින්ම පවසමි... ​ඉරිතැලුණු මහ පොළොව පළාගෙන යළි දිනෙක හිස ඔසවමි... කුණාටුව පැමිණි අතුපතර බලා අලුත් මලක්ව හිනැහෙමි...
කවිය බලන්න