නොකී කතාවක...........

නොකී කතාවක...........

පූජ්‍ය මහගම සීලානන්දහිමි වේයන්ගොඩ

නොකී කතාවක අගුළු වැටුණු තැන තද කර ගත්තෙමි මතකයේ මුල... ​පාළු හැන්දෑවක තෙමුණු පියගැටපෙළ අසල සීතලට වහලක් නොවී ඔබේ හුස්ම තිවුණි... ​ඉවුරු දෙකකට එකම පාලම අයිති නැති තැන - ඔබ රුවල් නැඟූ නෞකාවක මම හඹලක් නැති ඔරුවක... ​අඳුර ගැටගහන රැයක කම්මුලට වට වැහි බිඳක් නුඹේ තොල්පටක උණුහුමද? ​සරනේරු අඳෝනාවෙන් උළුවස්ස පහුකර යන විට, ආයෙත් වහින්නට එන අහසට මම කීවෙමි... "දැන් ඉතින් වහිනවා නම් වහින්න..." Photo Credit: Milada Vigerova
කවිය බලන්න