2022 ජනවාරි කලාපය
සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna
වසරක් නික්ම ගොස් තිබේ. වසර පුරා ‘ලන්ඩන් කවි සරණිය’ අපූරු කවි නිර්මාණයන්ගෙන් සැරසූ ඔබට අපගේ ප්‍රණාමය. වසර අවසානයේ කවි සියයක් මුද්‍රිත ග්‍රන්ථයක් ලෙස එළි දැක්විය යුතුයැයි කල්පනා කළෙමු. එහෙත් දහසකටත් වඩා පළවූ කවි අතරින් සියයක් තෝරා ගන්නේ කෙසේද යන්න ඉමහත් ප්‍රශ්නයක් විය. මෙයට කවි නොලී සාහිත්‍යවේදීන් දෙදෙනෙකුට එම තේරීම බාර දීමට තීරණය විය. ජ්‍යෙෂ්ට කවීන්ගේ පලවිය යුතු කවිය ඔවුන්ගෙන්ම අසා තෝරාගත් අතර නවක කවීන් ගේ කවි තේරීම ඉහත දෙදෙනාට බාර විණි. කවි සියයක් තෝරා ගැනීමට නොහැකිව ඔහුවූ කවි දෙසියයක් තෝරා එවූහ . මෙම මස පළවීමට නියමිත ‘ලන්ඩන්කවි සරණිය – තෝරාගත් කවි’ ග්‍රන්ථය එයයි.
මුද්‍රණය පිලිබඳ පළමුවන දුරකථන ඇමතුම යොමු කෙරුනේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ප්‍රකාශන ආයතනය වන සරසවි ප්‍රකාශන ආයතනයේ අධිපති ප්‍රේමසිරි මහතාටයි. දෙවරක් නොසිතාම “අද හෙටම එවන්න – ජනවාරියේ ගහන්න පුළුවන් වෙයි” යනුවෙන් ප්‍රේමසිරි මහතාගේ විසල් හදවත විවෘත විණි. කවි පොත් මුද්‍රණය කරන්නේ සාහිත ප්‍රගමනයට සහ විනෝදයට මිස මොනවා හම්බ කරන්නද?
දෙවන දුරකථන ඇමතුම මාගේ ගුරු දේවයෙකු වූ ප්‍රංශයේ වැඩ වසන කවීන්ද්‍ර කෝ. ආනන්ද නා හිමි වෙතය. “නායක හාමුදුරුවනේ, අපි පහුගිය මාස දොළහෙ පළවූ ලන්ඩන්කවි වලින් දෙසීයක් තෝරලා මුද්‍රණය කරන්නයි බලාපොරොත්තුව” මම කීවෙමි. උන් වහන්සේ ද දෙවරක් සිතුවේ නැත. ” හොඳ අදහස. අපි හොඳට මුද්‍රණය කරමු. කියන්න කියක් වැය වෙනවද කියලා. මම වියදම බලා ගන්නම්.” ඒ උන්වහන්සේගේ කවි ආත්මයයි. මට හැඬුම් ආයේය. කඳුළු අතරින් උන් වහන්සේ සමගින් කතා කළෙමි.
ලන්ඩන් කවි සරණියේ මුද්‍රිත ග්‍රන්ථ කතාව එයයි. එය තව සති තුන හතරකින් නිකුත් වෙනු ඇත. එය දොරට වැඩීමට zoom මගින් හමුවෙමු.
සුභ නව වසරක් වේවා !
විසල් හදක කවි - උගුල්ලා දැමුව ගස
දුරුතු පුන්සඳ දිදුල නුබකුස..
නිවසට එළිය සිරි දෙව්දුව අම්මාය
සාගරට තරහ ගිහින්
මල් වත්තක නිදමි........
සුභාෂිතයේ සිත්ගත් කවි - අලගියවන්න මුකවෙටි තුමා
තේ වත්තේ ඇවිලෙන ගිණි
මහ ගෙදර බිඳ වැටී
කොහොමදැයි මස්සිනේ
ඔබ තමයි ඒ දෙව්දුව !
ඇහි බැම දුණු ශිල්ප ලඳුනි
රැවටුණු රැවටිල්ල
තනිකඩ හීනය
ගෙල වැල ලා ගත් මිතුරිය....
කුවේණිගේ අඳෝනාව
ආසිරි ප්‍රාර්ථනා
එදාට මාත් ක්‍රිස්තියානි අංකල්...
නිවාඩුවක නිමාව.......
කඩදාසි මල්
රන්වන් හූනන්...!
ඇය .......
පාර අතුගාන මිත්‍රයාට
සෙයිලමට ගිය නාට්‍යාංගනාව
අසුරයෙක් රජ කරනවා
ඝාන්ඨාරය සහ සලබයා
රට කොයිබට ද?
කිසි දින නොලියු කවියක් ලියවුනිය මට
එන්න කවියක්ව
හදවතට තට්ටුවක්
උපන්දිනය
දෙන්න බැරි සතුටක්
යසෝදරාවතේ සිත්ගත් කවි
වනයක සිරිය
නව අවුරුදු සුබ පැතුම්
නව වසරට සෙත්කවි
සරමු සක්වල සිසාරා සුබ නැකත ඇත සපැමිණ
කෙටි කවි
අම්මා
එදා අපි....
මඟ බලා සිටින්නී ඈ
පුනරාගමනය
බඹර පැනයක්
ඇයට කියනට බැරිව ලතැවුණු
කළය පුරවමි කදුලින්
හිමි සුතනඹු හිමි පෙම
POSITIVE WORLD
ආයාචනා ....
ඕස්ට්‍රේලියානු පුරවැසිකම
විස ම - භාග
මාළිග සිහින
වඳ ගැහැණිය
සෙනෙහස ඔබෙන් විදිමි
මැදියම් මනාලී
වතුර
අහිමි වුවත්
අපි තුන්දෙනා
සැලළිහිණි සංදේශයේ සිත්ගත් කවි
හිත නැවතෙන තැන
සුදු හිම පියළි
... අහඹුවක්....
(නො) පෙනෙන දෙනෙත්
මුහුදට දුක දැනේවිද ?
රන්මිණි වන් ඔහු ...මා ප්‍රියසබ, වෙනුවෙන් කළ ගීත කාව්‍ය
සැනසුම
වෙඩි කෑ මගේ කමිසය
යථාර්ථය
නව අවුරුදු පැතුම
අයිකනය
හොවා දෙනු
භාග්‍යය
අසනීපෙ
රෝස මලක පැතුම
දුක,විපත දෙන පව
හිමිසදුනි දයාබර
පයිතගරස්ටත් ප්‍රේමයක් තිබුනද?
වාසනා
සරණාගතයන් වෙනුවෙනි
නුඹට
සෙබල මවකගේ සිතුවිලි
ගුත්තිල කාව්‍යයේ සිත්ගත් කවි


















































































