(නො) පෙනෙන දෙනෙත්

(නො) පෙනෙන දෙනෙත්

සන්ධ්‍යා ද සිල්වා

(නො) පෙනෙන දෙනෙත් - සන්ධ්‍යා ද සිල්වා මහ මග මැද දැල්වෙන මහ ගිනි මැළයක් වටා රොක් වුනු නිරි-සතුන් පිරිසක් නරඹති එය- ඔවුනට අසිරිමත් දසුනක් වීඩියෝ කරති රසවිඳින්නට-එය මට අපුලක් මුහුණු වැස්මට ඉහළින් පෙනෙන-සොයුරකුගේ දුක්බර දෑසක් ආදරණීය බිරිඳකගේ සන්සුන්, විඩාබර, අසරණ දෙනෙතක් අතර දිවගිය මා නෙත් නැවතුනා අබියස -වික්ෂිප්ත බැල්මක් පසක් කරමින් එය-ඔවුනට කුරිරු දසුනක් ළමාවිය පියමන් කරමින්-ලොවට එබිකම් කරන පුතුගේ දෑසින් නුදුටිමි කෝපයක් හෝ ශෝකයක් දැනුනේද ඒ මනසට හද සසළ කළ අවනඩුවක් කෙසේ පුරවාවිද ඒ හිස් බව වැඩුණු පසු ඔහු - එය ගැටලුවක් දයාබර මව්තුමිය රකීවි ඒ තැලුණු සිත- ඉඩ නොදේවි පුරවන්නට හිස්බව වෛරයෙන් හා හීනමානයෙන් හාමුදුරුවන් පහදාවි කේ්රාධයේ ආදීනව-නෑසියන් උගන්වාවි ආදරය විශ්වාසය-ඔහු වැඩේවි සමබර මිනිසෙකු ලෙසින් යකඩ කූරු අතරින් ආඩම්බරයෙන් හිස ඔසවා හෙළන හිස් බැල්ම - සසළ කළා මා සිත මොහොතක් එහි නෑ පසුතැවීමක්, ශෝකයක්,වෛරයක් හෝ බියක් මානව දයාව නොභඳුනන - ඔවුනට එය සාමාන්‍ය දෙයක් මළ පොත අකුර නුගත්-කඩතුරාව තුළින් අඳුරු ලොව දකින මෑණිවරුනට හැකිවේද පහදන්න මිනිස් ජීවිතයක අරුමය එකම පොතකට යොමුවු බොර පැහැ දෑස්- කිසිදා දකීවිද එකම දෙවියන් මැවු ලොව තුළ-අනුන්ගේ දරුවන් නැති බව ඉම්රාන් ඛාන් මැතිඳුනි, ඔබටයි මේ අභියෝගය අවදි කරන්න ඒ දෑස්- දකින්නට ලෝකයේ සුන්දරත්වය
කවිය බලන්න