වාසනා

වාසනා

විශේෂඥ වෛද්‍ය උදාර කුලරත්න එක්සත් රාජධානිය

  රන් ගොයම් තුරු ලපලු ලිය වැල් පීදෙනා පුන් සදෙන් රැස් ගෙන නෙලුම් විල් පායනා නන් දෙසින් මීදුම් මවා දිය වෑහෙනා පින් බිමක් වී මා සොයා ආ වාසනා ගිම් නිවා කවි ගී පබලු මුතු පාදනා අවිදු දූවිලි වැකුනු සිත් මල් දෝවනා සිත් පිනා දෙසවන් වසඟ කල ගායනා මුදු බසක් වී මා සොයා ආ වාසනා මිලින දිරි මල් පුබුදුවා සිහ නාදෙනා ඝන තිමිර පට ඉරා අරුනලු සාදනා කම්කටොලු සඟවා දරා දුක් වේදනා මාපියන් වී මා සොයා ආ වාසනා
කවිය බලන්න