වතුර

වතුර

රේණුකා බණ්ඩාරනායක පර්ත් - බරහිර ඔස්ට්‍රේලියාව

  කඩා හැලෙන මහ වැස්සක් කියන්න බැරි හිතේ බියක් පෙර දිනයක අත්දැකීම හිතන්න බැරි ගංවතුරක්   දෙගොඩ තලා වතුර ගිහින් ගස්වැල් ටික කැඩී ගියා උදේ හවා වතුර දැම්ම ඒ මහන්සි ගලා ගියා   කරවෙන විට මහ රස්නේ සරු කෙරුවේ වතුර බිදයි මහ වැස්සට බිමට ඇවිත් නැති කෙරුවෙත් වතුර තමයි   වලාකුලේ රැගෙන ඇවිත් පොඩි වැස්සක් අපට දෙන්න ලොකු වැස්සක ගංවතුරෙන් අනේ අපිව බේරාගන්න
කවිය බලන්න