අයිකනය

අයිකනය

සුනේත්‍රා අලුත්දුන්නෙ මාතලේ

  දැමුවෙමි මුහුණු පොතට මම, මගේම පින්තූරයක් , වියපත්ව ගිය මෙකල. සිටිනා ලෙස සැබැවින්ම පින්තාරු නොකර ඇස ,තොල හෝ වත දැකගනු පිණිස අඩසියවසක් ඉක්ම ගිය තැන මා එසැටියෙන් , දත් නොදත් මුහුණු පොතේ මා සකියන්ට. නොවිණි එකදු හෝ කොමෙන්ටුවක් හද පාරවන "ලස්සනයි" "ලස්සනයි" "තාමත් ඉස්කෝලේ යන කාලේ වාගෙමයි " දත් නොදත් සියල්ලන් එලෙසින් කියයි. ඉසියුම් ප්‍රහර්ෂයක් පළමුව....... එහෙත් සිතුණි මට එක්වරම "මොනතරම් උදාසීන ද ඒ පැසසුම් ගොන්න ?" එහෙත් බාරගතිමි සටහන් කොට හදවතක් ඒ සැම ඉදිරිපිට සිඹින කලෙක මෙන් දැනුණි මට එවිට ඉටිමල් මිටක් සුගන්ධය රහිත මදින් මද කුදුවෙන අවපස සඳ දුටිමි ගගනතින් එසඳ.....
කවිය බලන්න