කොහොමදැයි මස්සිනේ

කොහොමදැයි මස්සිනේ

අතුල කුමාර කටුවන

මස්සිනේ කාලෙකින් හමුවුනේ අඩු නැතුව කියපන්කෝ කොහොමදැයි විස්තරේ පැල්කොටේ කහට බී කුඹුරෙදී කිවු වගේ පන්න ගෙන ආවදැයි දෝණියා මුදලිගේ..... ගම පුරා අපි දෙන්න හක්කොලං ගැවුවා නේ ගස් වලින් රා හොරෙන් බාල බිව් ඒ දොහේ මතකදැයි උබට බං අප්පොච්චාගෙ සැර බණේ.... පන්සලේ බණ මඩුවේ අපි නටපු ඒ නාඩමේ හිටිය රං එතනා බං වාහේ වුනා ජීවිතේ සංතෝෂේ එක්කලා දරු පැටවු වැදුවා නේ.... ඒකි මට නොකියාම ගියා බං දෙවුලොවේ තනිවුනා දුක් වුනා වෙල ගාව පැල් කොටේ මග බලනවා තාම මං මස්සිනේ එනතුරා මරුවගේ පනිවිඩේ.... උබ දැක්කාම පිරුණා ලෙංගතුව තුන් හිතේ ලස්සනයි එදා බං ජීවිතේ සී පදේ කොලු කෙල්ලො දැන් නඩන්නෙම විගඩමේ හිතට දුක උන්ගෙ පන හිර වෙලා අන්තර්ජන්ජාලයේ..
කවිය බලන්න