සාගරට තරහ ගිහින්

සාගරට තරහ ගිහින්

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ බැසිල්ඩන් එංගලන්තය

සිඳී ගිහින් ගං දිය ගං දෑල මැද
නෙරිය නොතිය ඔසරිය ඇඳි සේය බඳ
රුසිරු සිඳුන වියපත් වූ තුරුණු ළඳ
පෝරු මස්තකේ හමුවිය සයුරු තෙද

බිඳී පෑරෙමින් සාගර හිමිගෙ හද
මුහුදු පතුල දෙබෑ කලා කිපුන මද
පෙළින් පෙළට රළ ගුවනත සිඹින ලද
සුනාමියක් සේ නැගුනයි සිහින බිඳ

AnA 12/2021

කවිය බලන්න