සුදු හිම පියළි

සුදු හිම පියළි

වෛද්‍ය රුවන් එම් ජයතුංග කැනඩාව

  හිම පියළි වැටී සුදුම සුදු වූ භුමියේ කාලය හා අවකාශයෙන් මිදී ඇවිද යමි දේවදාර ගස් අතරින් වසන්ත සමයේ චෙස්නට් ඇට සොයමින් එහි මෙහි දිව ගිය ලේන්නුනි නුඹලා කොහීද ? ගස් බෙනවල සැගවී යලි වසන්තය උදා වන තෙක් යලි බලා ඉන්නවාද ? සීතල සුළඟ නිසා තුරු ගොමු මුදුනින් ඇද වැටෙන හිම කැට වැස්සක් සේ විසිරී යයි මවමින් මනස්කළු රටා උණුසුම සොයා ඈත දේශයට පියඹා ගිය සියතුනි හිමවලින් වැසී ගිය තුරු ගොමුවල අලංකාරය නුඹලාට කියා දෙන්නේ කවූද?
කවිය බලන්න