රෝස මලක පැතුම

රෝස මලක පැතුම

තීෂ්‍යා දුල්මිණි හෝමාගම

හේමන්ත ඍතුවේ සීතලට ගල් ගැසුණු ලස්සනම රෝසමල වසන්තයේ මුණ ගැසුණු හමා ගිය මාරුතය ඇය කෙරේ නෙත ගැටුණු දුටු නිසා ඇගේ වත හදවතම හිරි වැටුණු කිම ද නුබ ගල් ගැසී මේ ලෙසින් සිටින්නේ මේ සීත කුණාටුව නොමැති දෝ දැනෙන්නේ කවුරු හෝ එනතුරු ද පෙරමග ම බලන්නේ කාට දෝ මම නුබේ පණිවිඩය යවන්නේ සිනාසුණු රෝස මල මේ ලෙසින් පැවසුවා මගෙන් මත් වුණු බඹරා ආදරෙන් හද රුවා බලාගෙන සිටින්නේ මල් පෙතිත් පුබුදුවා වසන්තය එනතුරුයි ආදරය පතුරුවා
කවිය බලන්න