දෙන්න බැරි සතුටක්

දෙන්න බැරි සතුටක්

ජයතිලක කම්මැල්ලවීර

කලකට පසු වට වැස්ස සෝදා හැර ඇත ගෙවුණු ඉඩෝරයේ දූවිල්ල අලුත් මිදුලේ වැඩෙන අඹ පැලය නව දළු සෙමෙන් සොලවයි සැන්දෑ සුළඟට රට ද මා ද විඳි සියලු පිරිපත අමතකකර සැනසුම් සුසුමක් හෙළමි කොහොමද ඔබට දෙන්නේ මට පමණක් මොහොතකට දැනෙන, මේ සතුට?
කවිය බලන්න