තේ වත්තේ ඇවිලෙන ගිණි

තේ වත්තේ ඇවිලෙන ගිණි

ඩී. අමරසිරි ගුණවර්දන නවසීලන්තය

දිලෙනා හිරු රැසින් බැබලෙන බදුළු කඳූ සැලෙනා පුවත් දෙයි දෑසට කඳුළු බිඳූ තේ දළු නෙලන අම්මා වස පොවා දරූ කුස ගිණි නිවූ තැත අහලා උනා ගොළුු#   සැමිය සිහි විකල් දොඩවයි ඇවිදිද්දී තේ වතු පෝර නෑ කහ පැහැ ගැහෙද්දී දළු නෙළනා දෑත වෙන වැඩ සොයද්දී බිළිඳෝ හඬති උහු කුස ගිණි ගනිද්දී   ගව් ගණනක් ඇවිද හිඟමන් සොයාලා කන්නට දරුන් හට රොටියක් පතාලා කඳු ළඳු ගාටමින් මව් ගුණ ගලාලා හිස් අත පැලට එනවිට හති වැටීලා   දරුවන් බඩ සයින් අගුපිල හඬන්නේ කෝවිඩ් බියෙන් කිසිවෙකු නැත බලන්නේ හිස ගිණි ඇවිල ඇය සරණක් සොයන්නේ දරු පැටවුන් සමග මතු ලොව දකින්නේ   දරුවන් තිදෙන පැල ඇතුලේ දඟලනවා අමමා සිහි විකල් හිස ගිනි ඇවිලෙනවා වස කුප්පියෙන් මරුවා ළඟ ළඟ එනවා රෝහල තුලට දෙවියන් උහු ගෙන යනවා   දොස්තර දුකින් සිහිසුන් දරු බලද්දී අම්මා හඬයි කියවයි ඇඟ ගැහෙද්දී කැඩි කැඩි එන වචන විත් කණ වැටෙද්දී දොස්තර සැළුනි තේ දළු අත් දකිද්දී   ලද සුළු විවේකය රට තොට පුවත් ගැන අවධානයෙන් සිටි දොස්තර විඩා ගෙන ඇසු පුවතින් නැවත සැළුනා කඳුළු ගෙන දුටුවේ දුකින් තේ වතු ගිණිගෙන දැවෙන   එපුවත අඳුරු මළ පුඩුවක දසුන් පිරී තේ වත්තේ ලැයිම අද්දර අඳුරෙ ගිලී රේල්ලුවට පැන මව පිය දරුන් කිරී මරුවා පිහිට සෙව්වේ ගිණි නිවනු බැරී   කඳුකර සිරියාව වැනු තේ ළඳුන් හුවා ගයනුයෙ කුමට ගී ඇය පන පිටින් මරා අඳුරුව ගිණි ගනී ලැයිමේ ළමුන් දවා ලෝ දන දිව ගාන තේ ලේ රසයි සබා
කවිය බලන්න