නව අවුරුදු සුබ පැතුම්

නව අවුරුදු සුබ පැතුම්

කුමාරි විජයරත්න ලන්ඩනය

සාර සදිසි සද මෙන් සිත පිබිදේවා නෑර දිනක් පින් සිත තුළ රැස් වේවා බීර රෝග ලෙඩ දුක් සිත දුරු වේවා පාරමිතා බලයෙන් සිත සැනසේවා දිලී දිලී අහස පිරුන තාරකා වලින් පිපී පිපී රේනු නටන සුවද මුදු මලින් සැලී සැලී ගත දැවටෙන සිහිල් මද නලින් පිරී ඉතිරි ගිය ආසිරි ගෙනෙමි මුළු හදින් රෑන් රෑන් කුරුළු රෑන් ගීතිකා ගයයි රෑන් රෑන් මල් කෙමිවල සුවද පැණි පිරෙයි රෑන් ඇදුන සිතිවිලි වල සතුට රජ කරයි හීන්සැරේ ගෙනෙන පැතුම් වසර සරුකරයි තියුණුව නුවන නව නිපැයුම් ඇතිවේවා දියුණුව සැප සතුට දින දින වැඩිවේවා කුළුණුව හදට දම් සිතිවිලි රැස්වේවා පැමිණුන නව වසර කිරිපැණි ඉතිරේවා
කවිය බලන්න