රන්මිණි වන් ඔහු ...මා ප්‍රියසබ,  වෙනුවෙන්  කළ ගීත කාව්‍ය

රන්මිණි වන් ඔහු ...මා ප්‍රියසබ, වෙනුවෙන් කළ ගීත කාව්‍ය

වෛද්‍ය ශානි ඇන්තනි ලන්ඩනය

රන්මිණි සරු රන් පුන් කලසක් තේජස උතුරන රුසිරු රුවක් කරුණා වෑහෙන උතුම් හදක් පණනල, මා, දිවිහිමි, ... වාසනාවක් // ප්‍රසන්න තුෂර ප්‍රේම ගීතයක් රස පොදි බැඳි රොන් ආකාරයක් උණුහුමට වෙලුණු සුමට හාදුවක් උතුරන ආදරේ... // උල්පතක් ... රන්මිණි සරු රන් පුන් කලසක්... දැනුමෙන් ලොව දන මන එකලූ චෙදැසින් මනු හදවත් සැනසූ මා සිත ගත ආලයෙන් නැහැවූ උත්තම ප්‍රිය ඔබ මාසතු වූ // රන්මිණි සරු රන් පුන් කලසක් ... ගීතය මෙතනින් ගායනය : චමිලා තුෂාරි සංගීතය : දිනේෂා ඩයස්
කවිය බලන්න