අසුරයෙක් රජ කරනවා

අසුරයෙක් රජ කරනවා

ගීත් චාමින්ද සිල්වා අම්පාර

ඉරා සළු පිළි බදා කෙස් වැටි ඇගේ දෙකොපොල් තලනවා සුරා වෑහෙන දුඹුරු දෑසින් රාග ගිනි දලු පිඹිනවා හලා දහදිය මහා වෙිගෙන් කයක් හාරා දවනවා යකුන් ගස් නැගි වෙලාවෙිදිත් රතී යහනට වඩිනවා අමා රස තිබු සිනිඳු දෙතොලට රකුස් ගඳ කිලි වැටෙනවා දමා ආ ඇ⁣ගේ ස්වාමියා ගැන හිත හිතා ඇය තැවෙනවා ගෝ සතුන් මෙන් යහනෙ හිඳුවා රිදුම් දී තලු මරනවා විලාපය නම් තව්තිසාවෙි අසුරයෙක් රජ කරනවා ගිනි ගහන මහ එළිය නොතකා උගුරෙ මත් පෙති රැඳෙනවා මාලිගාවෙන් පැමිණි මනමේ කුමරි ගොදුරට ගන්නවා කුටියෙ හැම තැන විකෘතිව ගිය මනෝ කායක් හිඳිනවා අනේ හිමියනි සමාවෙනු මැන කියා ඇය පසු තැවෙනවා
කවිය බලන්න