අරුණෝද දහසක් එළි දැක්වූ දා මා කියූ කවි තුනක්
නැවුම් දසුනින් සාරය
ඒරොප්පෙ කවි කාරය
විඳිනට දිවා රැය
උදාරගෙ කවි හරි උදාරය
නිබඳ හදේ පිපෙනා මල ඔබේ කවයි
එ කව පුරා පැතිරෙන්නේ මවයි පියයි
සබඳ කෙසේ මම වනමිද ඔබයි කවයි
කිවිඳ සිහළ කවි අඹරේ ඔබත් සඳයි
එංගලන්තයෙ සිහළ කවි බස රසෙන් පිරවූූ කිවිසුරාණෝ
පෙඳේහි රසදත් රසික හදවත් ඔකඳ කරවූ රසවතානෝ
රුවින් අගතැන් කුලුණු ගුණයෙන් සතන් පිරවූ පියවතානෝ
තවත් කවි මල් දැයට දෙනු මැන කවිරසය දත් වෙදැදුරාණෝ
කවිය බලන්න
