කල හොඳ පමණි මතුදා මළගම් එන්නේ

කල හොඳ පමණි මතුදා මළගම් එන්නේ

විශේෂඥ වෛද්‍ය හර්ෂ ජයමාන්න වේල්සය

කල හොඳ පමණි මතුදා මළගම් එන්නේ නුඹ ලියු කව් පදය හදවත පාරන්නේ හැඟුනිද නුඹට මරුගේ කවියේ සන්නේ දැනුනද මලේ බොල් බව තණ අග පින්නේ බාලේ සිටන් කල හාදේ නැතිවාට දෝරේ ගලයි ලද සෙනෙහස හැමදාට සඳ සේ අඳුර බිඳ මිතුදම් පිරුවාට පෙනුනේ නැහැ තමයි සඳ මත ආවාට සුහදන් තවම හිටි තැනමයි පෙර සේම දුටුවේ නැහැ මෙලෙස නුඹ අප, හැරයාම දැන් දුක පමණි නැහැ මී රස කිසිසේම කෝ නුඹ හස කැළුම් ලබනට සැනසීම නුඹ ගිය තැනට දේදුනු පැහැ පෙනීයන් සුහදන් සුමිතුරන් තව තව පිරීයන් නෙතුඅග තිබුන සත් සමුදුර හිඳීයන් මතු දින බවක ආයෙත් මුණගැසීයන්
කවිය බලන්න