නැණ ගුණ බෙලෙන් යුතු පුතෙකුය ඔහු පවර

නැණ ගුණ බෙලෙන් යුතු පුතෙකුය ඔහු පවර

මහාචාර්ය සරත් විජේසුරිය ලන්ඩනයේදී

දේව හාස්කම් ගැන මා ආසා ඇත සොබාවික විපත් දුටු බව කියත හැක නපුරුකම් නිසා පත්වන විපත් ඇත හිරුගෙන් පතිත කඳුළක් මා දැක නොමැත ලොවින් එකෙක් එක දේකට සමත් වෙත කී බස පිළිගන්න මට නම් සිතක් නැත තුරුණන් මහිම ගැන අපමණ පුවත් ඇත මැණිකක් තුළින් දියමන්තිය දැක නොමැත අකලට පරව ගිය ජීවිත ගැන දනිමි කන්දට පසුව පල්ලම ඇති බවදනිමි හිතට දැනෙන දුක් වියැකෙන බවදනිමි මිහිමව හඬන අරුමය නම් නොදන්නෙමි ඔබ ගැන දත් නොදත් කාටත් එක ලෙසම වැටහුණි ලොව දිනූ අසිරිය අසම සම අදහනු කෙළෙස හැර ගිය බව නොකියාම අටලෝ දහම වටහා දුන්නෙ ද ඔබම
කවිය බලන්න