අවසන් විග්‍රහය - (ලන්ඩන්කවි පෙර කලාපයක පළවූ - නැවත පල කිරීමකි)
හිනැහුනු මතක තිබුනත් දේදුනුපාට
හඞනට තියෙන සමුදුර පවසමිකාට
සුහදන් වෙන්ව හිස්ලොව තනිවූදාට
හිරු නොදකී සඳ මත සැදිආවාට
අරුතක් සොයා සැරිසැරුවත් කල්බෝම
දිවියේ අද්දරට ආවේනොදැනීම
ඉසුරු සොයා නොනිවුන සිතපෑරීම
තවෙකකු හස දැකුම විය එකසැනසීම
හැමදා නියං පින්නෙන් නෑදුරුවෙන්නේ
විඳිනා කලට මී රස නෑසිහිවෙන්නේ
නටනා විටයි දිය නුවනැසපෑදෙන්නේ
කල හොඳ පමනි මතුදා මලගම්එන්නේ
කවිය බලන්න
