උදාර නම් පහන් සිළුව
ලොව දිනූ, ලොව්තුරු සැපත නොසෙවූ උදාර
හදවත් දිනූ, හසළ දැනුමෙන් මනනද සුදාර
ගණිත-විදු-වාණිජ දැනුම් සයුරේ කිමිදි මනහර
ආදරෙයි නිම්හිම් නැති හදපතුලෙන් ම'සොයුර
දිදුළන තාරකාවක් සේ දිළෙමින් ලොවක ආදරේ ලැබුවා
දැනුමින් අගතැන්පත් නිසාම සතහට ජීවයෙ වගවූවා
හැම සුළු වේදනා සඟවා හිත්ගුල අගුලින් වැසුවා
ජීවිත ගමන ලද උපරිමයෙන් විඳිනට පසුබට නොවූවා
උපදින හැමදේම මියයා යුතුයි ඒකයි ලෝ දහම
වෙදකම ඔහුගෙ දහම ඒ රෝදුක් නිවනට දහම
සුපුන් සඳ අවරට අටවක වී අමාවක පෙරයම
'උදාර' නම් පහන් සිළුව නිවුණා රෑ මැදියම
වෙන්වී ගියත් උදාර මුදු දයා ගුණේ
සුවඳක් වගේ අප හද තුල ඔතා තිබේ
පිළිගන්වමී හද බැතිමල් පොකුරු සෙනේ
වාවනු කෙලෙස, සමුදෙන්න අවසරයි උදී අපේ
28/10/26
කවිය බලන්න
