ඉල්......විරු
වෙඩි තබා පපුවටම පපුවෙ හරි මැද්දටම
මැරුවෙ උන් බුද්ධියයි අවදිවෙනු දැක්කහම
අයුක්තිය දිනවන්නෙ උන්ගෙ බොරු රැක්කහම
නොතේරුණ ජනයෙනී අදත් නිදි ගත්මෙහෙම
පතා මන්දිර නොවෙයි තට්ටු පිට ඇති බොහොම
යාන වාහන ලබන රිසින් නොව සැප කදිම
පිදුවෙ දිවි හෙට දිනක් පතා දිනු රට දැයම
උන්ගෙ මරුවන්ට තොප ආවඩන්නේ කොහොම
පියවරුන් ලය පැලී මියැදුනේ දරු දුකට
මව්වරුන් බලාහිඳ එතැයි අද හෝ හෙටට
කෙළෙහි ගුණ නොදත් අපි මරා දැමු හැට දහට
යුතු කමකි එයද වැලපෙමූ මැරූ ඇත් රජුට
කවිය බලන්න
