රතු පාටවල්.. AMONG THE RED.

රතු පාටවල්.. AMONG THE RED.

වෛද්‍ය ගාමිණී මද්දුමගේ

කොච්චර ක් දේවල් රතුපාටද..??? පැයකින් ලියවුනු කවියක්..දවස් ගනන් කතා කරන්න තව රතුවල් තියෙනවා.. ************************************************ හඬන බිළිදෙකු සමග ගතකළ... මවක නිදිනැති රැයක එලිකළ.. දකිනවා මම බොහෝ විට නුඹ .. ඇසක දැවටී තිබෙනු ලොව තුළ. ************************************** ක්ෂිතිජය ක හිරු සැඟව යන කළ.. පුදසුනක ඇති බොහෝ මල්වල... සුවඳ දෙනවා දුටිමි මම නුඹ .. කොපුල් මත ප්‍රේමයක නෑඹුල. *************************************** සුවඳ කූරක මුනිඳු පාමුල.. නා ගසක් මත දුටිමි දළුවල. භාවනා වක් කරමි එම විට.. තබාගෙන මම නුඹ ව හදතුළ. *************************************** ජීවිතයෙ ලද අරුත සුන්කළ... උපන්නාවට ගෙවන පණ නල.. කුටුම්බයකට නිතර වද දෙන. සුරා සොණ්ඩක යකුගෙ නෙතුවල. **************************************** පඩිපතක සේවය ට ආ කළ.. කැඩී අත් පා රිදුනු ලේවල.. දුටිමි නව පණ ලොවට එනවිට .. ප්‍රෙසුතිය ළඟ ඇරුනු ගැබ් ගෙල. *************************************** මනාළිය වී රැයක් ගතකළ.. යහන් මත සළු පටක බල බල.. කිමද නුඹ ඇගෙ කිලිටු මැන්නේ.. සබඳ තිබියදි ලොවේ කුණු මළ.?? ****************************************** ඇති නමුත් රතු බොහෝ තැන්වල ... මවාලන නෙත පිනන හැඩතල.. දුටිමි කනකොක් තටුවෙ සුදු මැලි... පැහැය මම මළ නෙතක හැමකල. ****************************************** වෛද්‍ය නිලධාරී . ප්‍රාදේශීය රෝහල තල්දෙන බදුල්ල 2026.10.26.
කවිය බලන්න