සුරිඳුනි කතරගම

සුරිඳුනි කතරගම

වෛද්‍ය ගාමිණී මද්දුමගේ

සරවනබව කඳ සුරිදුනි .. තෙදබල. ඔබ පිදුමට යයි ... තවමත් පෙරහර. පහන් තරුව බැස යනවිට... පෙරඹර. දුටුවෙමි කැපේනා අසිරිය .. දියවර. ******************************* බලු වසුරුද නර කිළිකුණු ... දිය කල. ගඟ දිය ඔය දිය ... බැසයයි පුරවර. රන් කඩුවෙන් කැපු - වත් පා හරසර. කෙලෙසද වන්නේ එම දිය... මනහර. ********************************** කුණුමලු විසිවුනු ගඟ කින් දිය කළ කුමටද ඔබහට දෙවිඳු නි.. පින්බර. නොමගනු කිසිවක් උන්ගෙන්.. පිරිකර. වැඩිහිටි කන්දෙන් නොවඩින්.... මෙනුවර *********************************** වැඩමෙව් විට දෙවි අබරණ.. තොටුපළ . අමිල නිමල වෙනවද ගඟ .. දියවර .??? ඇරුණා දෙවොලේ වටකල .. රතු තිර. සිනා සයක් මම දුටුවෙමි... එකවර. **************-******************* සාගිණි සෝගිණි තිබුනත්.. සිත්වල. නර කැල තාමත් පතනව.. පෙලහර. සමු ගන්නෙමි මා එනතෙක්.. එනවර. වටහා ගනු බෑ... සුරිඳු නි පිළිතුර. ######################### ප්‍රාතමික සත්කාර ඒකකය බදුල්ල. 2026.07.24.
කවිය බලන්න