නික්මීම.

නික්මීම.

වෛද්‍ය ගාමිණී මද්දුමගේ

ආචාර්ය නන්දා මාලනී( 1943 -2026) ############################ දුර ඈත අහසේ නුඹ නමින් තරුවක් නම් කරන්නට වරම්. මට නොමැති හින්දා. බඹරු කෝලම් පාන.. සැඳෑ කළුවර ගලන.. විටෙදි රුක් අත්තනෙන් සුවඳ පැන් සින්දා. සුරඟනන් හට කියමි චන්ද්‍ර මණ්ඩලේ යට.. රැක ගන්න යැයි කියා.. අදින් පසු රන්දා. අපි ණයයි සදා කල්. නුඹ ගැයූ ගී පොතට ඒ තරම් මිහිරි නද මුලු රටම වින්දා. ************************** බුද්ධානු භාවයෙන්. මෙත් සිත් පහන් කරපු. ඇවැසි තැන හඬ බිඳපු.. මහ වැස්ස හින්දා. කවර උන් නන් ලෙසට.. මැරවරියකැයි කියා කැට කැබලි අතු මුගුරු විසි කලත් නින්දා. න-යනු අල් නයනු දා අකුරු තුන තිබෙන කම් කාසෙට්ටි වත්තෙ හඬ.. තිබෙයි මන බන්දා. මේ දවස ඉක්මනට.. බිනර මහෙ ඒවියැයි.. හිතුවෙ නෑ...මරු ඇවිත් රැගෙන යයි කැන්දා. #################### වෛද්‍ය නිලධාරී ප්‍රාතමික වෛද්‍ය සත්කාර ඒකකය තල්දෙන .. බදුල්ල 2026.08.21.
කවිය බලන්න