ලාල් හෑගොඩ කිවිඳුන්ට
සුබ උපන් දිනයක් වේවා!!!
කල්ප ගාණක් හඳේ ආවාට
තුළ සැරි සැරුව කිරි සුදු හාවාට...
වෘකයකු විත් කරන විට දුක් ගැහැට..
නවතාලන්න පතුරමක්
ඕනෑමද රයිපලයකට?
***************************
ඇඟිලි තුඩු සිපින පන්හිඳට..
සිරිපා හිමේ සීතල දිය වැලට.
දෙවන්නට හැකිනම් සතුට
සැම විට රසට.... ..කිව හැකිද
මා මිනිසෙක් ඔබ ගඟක් .. යළි මෙමට ?
************************************************
කල්පනා කරන නොකරන කාචයට..
හසු කෙරුණු නොකෙරුණු රූවලට
පණ ඇවිත් කතා නොකලාට
නිහඬව නොකීවෙද...
බොහොමත් කතාවන් අපට ?
***************************************
නිහඬ ලොව තුළ නිදාගත් දෙවිදියට
රසය ගෙන කලතා නෙත්වලට
රිදුම් එන විට ගාන්නට අපේ පපු තුරට
නිසල රූ කවි නැතුවාද.
තව තවත් ලාල් හෑගොඩට ?
########################
ගාම්ණි මද්දුමගේ
වෛද්‍ය නිලදාරි
ප්‍රාතමික සත්කාර ඒකකය
තල්දෙන
බදුල්ල
කවිය බලන්න
