ලෝක ළමා හා වැඩිහිටි දිනයට

ලෝක ළමා හා වැඩිහිටි දිනයට

වෛද්‍ය ගාමිණී මද්දුමගේ

ඒ මමයි. CHILDRENS DAY. පාට පාට ඇදුම් ඇඳගත්තු හෝඩි පංතිය ක් තිබුණා අපිට. ළමා කාලය කුත් තිබුණා. දිනයක් නම් තිබුනෙ නෑ. **********************************-**** ජංගියක් ඇඳ ගත්තු. පුංචි කොලුවෙක් ඇවිත්. මේ කාලෙ කවුරුවත් අඳින්නෙත් නෑ එව්වා. හෝඩියේ පංතියට .. සමාවෙනු මැනවි මට. දැන් ඒක එක වසර ... කිව්වෙ පෙර පුරුද්දට. *************************** පුංව් නිල් ඉරි තියෙන.. ඉස්කූල් ටයි පටිය. සුදු කමීසයෙන් ..නිල් පාට කලිසම ක් ඇඳි.. කළු මේස් සපත්තුව.. පැළඳ ගෙන එහි සිටිය මා පුතුන් දෙස බලයි .. ඒක රැවුමක් නෙවෙයි. *************************** ගල් ලෑල්ලකුයි එක.. අච්චු පොතකුයි අරන්. සුදු මැකුණු කමිසයෙන් දෙපාවල නෑ වහන්. වාඩිවෙල පෙර සිටිය .. පුචි බංකුව සොයයි . මා දෙසත් ඌ බලයි පුතු වෙතත් ඇස් යොමයි. මේ කව්ද ...??? අහන්නා සේ මවෙත යලි හැරෙයි. ********************************* විදුලි කෙටුවා වගේ.. රූපය ක් සිත ඇඳුණි. වසර තිස් පහක පෙර මතකයට මා යැවුණි. පුංචි ඉස්කෝලයක.. පළමුවෙනි දවස ළඟ. නතර විය මහලු සිත. ඒ මමයි ඒ මමයි. *************************-- මහා දුර ඇවිල්ලා .. වෙහෙස ඇත මගේ ගත. අර පුංචි එකාගේ.. නිදහස් ව තිබේ වත. අඳුරන්න බැරි තරම්.. වෙනස් කම් ගොඩක් යට. මතක් කළ නමුත් මම. මටම මම මතක නැත. *********************************** වෛද්‍ය නිලධාරී . ප්‍රාතමික සත්කාර ඒකකය තල්දෙන. බදුල්ල. බදුල්ල . 2026.09.28
කවිය බලන්න