කඳුකර මනමාලී
උඩ රට කඳුකරය සරසන මනමාලී
ඇඳ ඇත හැඩට සුදු සේලය මනලෝලී
ගමනක යෙදී සනසවමින තුරු පේළී
බැස යයි ගම පුරා සරුකර ඇළ වේලී
මිහිදුම වගේ සුදු පෙණ කැටි හළා ගෙන
සීතෙට හමා යන සුළඟක එතී ගෙන
කියමින රහස් මුනු මුනුවක යෙදී ගෙන
යන හැටි අගෙයි සිඳු වෙත මග සොයා ගෙන
සිටියත් නොයෙක් ගල් පර මග දිගට අරා
හැරවුම් නැතිය පෙරටම යයි විරිය දරා
මිණි කැට කුසෙහි සඟවා ගෙන සැමට හොරා
හෙමිහිට බසියි පහළට සිත සතුට පුරා
කවිය බලන්න
