පෙම්බර අම්මා

පෙම්බර අම්මා

ධර්මසිරි වීරක්කොඩි සීතාවකපුර

සැපද දුක එක සේම සලකා දිනා දුනි සැම දාම නිදහස පවින් වළකා මාව සුහදව සාද ගති පා සිනහ දසදෙස දන්න දා සිට වෙහෙස වූයේ වඩා ලන්නයි මගේ නුවණැස දුවන් එන්නට සිතයි ඉන්නා ඉසව් සොයමින් පතා සෙනෙහස කළය දිය පිරි නොසැලෙනා බව ඇයගෙ අබියස සිතට දැනුණයි එකා වාගේ හිඳිමු සමගිව නිතර කී හැටි තවම මතකයි කමා කළ මැන වැරදි ඇත්නම් සිදු වුණේ හදවතට නොදැනයි සේවයට දුන් කෙරුව බුහුමන් මදිම බව මගෙ සිතද කොඳුරයි මසුරුකම් සිත ඇති නොවන්නට දැහැමි ගුණමයි හදට දැමුවේ සහය සැමටම ලබා දෙන්නයි නිතර ඔවදන් ගෙනෙනු ලැබුවේ ලද දෙයින් සිත සතුටු වන්නට කියා දුනි සැප දුකද හමුවේ කාවවත් කිසි දිනක නොරිදා දිවිය ගෙන යන ලෙසයි පැතුවේ දිසාවට ඇය දැනට වෙසෙනා එන්න මැව් සුබ සීන එමටයි නාදයට රස ගීත නැළැවිලි සවන් දුන් හැටි තාම මතකයි දුගතියට යන පාර වළකා දෙන්න වෙහෙසුණු තාලෙ කදිමයි නිතින දළදා සමිඳු වඳිමින් පිනුත් පුරනුයෙ ඈගෙ නමටයි සැපා සිතු ලෙස දෙන්න බැරි විය පූරුවේ පින් නොමැති වූවා මසිත තවමත් පෙළයි ඒ ගැන සසරෙ මතු ඉටු කරමි ඒවා දාන දීමෙන් මෙත් වැඩීමෙන් කුසල් රැස් කර ගනිමි බෝවා මහත් බැතියෙන් ඇයට ඒවා පමුණුවමි හිඳ සමිඳ ගාවා නිදන මොහොතෙත් සිතමි ඇය ගැන එවැනි ගුණ තව ඇතිද කාගේ දසත පැතිරූ කුලුණු වැස්සට තෙමුණි මම හැම දිනම වාගේ හදෙහි පත්ලෙහි නොමැකෙනා ලෙස ඇඳී ඇත්තේ රුවය ඈගේ සසර කෙළවර අමා නිවනට ඇදෙමු එය වෙයි පැතුම මාගේ *පළමු කවියේ පළමු පේළියේ ඇති අකුරු 24 පිළිවෙලින් පේළි විසි හතරෙහි පළමු අකුර ලෙස ගෙන ඇත. *පළමු කවියේ දෙවැනි පේළියේ ඇති අකුරු 24 පිළිවෙලින් පේළි විසි හතරෙහි දෙවැනි අකුර ලෙස ගෙන ඇත. Photo Credit; dylan nolte
කවිය බලන්න