සුබ ගමන් ඇත් රජුනි

සුබ ගමන් ඇත් රජුනි

උදයංගනී විජේරත්න

ලක් මව සෙවනෙ වන අරණේ දිවි ගෙවුනේ තිස්සෙම කතා ගුණ ගැනමයි කන වැකුනේ හිත් නැති අමනයෝ රැළකගෙ නෙත් ගැටුනේ ඇස්වහ වැදුනිදෝ නුඹ හට ඇත් රජුනේ හැඩකාර ඔය රූපෙ මැවි මැවී නෙත් අස්සෙ වැලපේවි නොහිතාම හිත් අපේ හැම තිස්සෙ පණ සේම රැකගන්න බැරි වුණායින් පස්සෙ කවි ගීත නෑ ඵලක් නුඹ නේන තණ බිස්සෙ යළි මතු දිනක ආවොත් ඉපදී සසර මිනිසත් බවය ලැබියන් නුඹ හට නිතර කුසලෙන් පිරුණු දිවි ගඟ ගලනා අතර බව දුක නිවේවා පුත නිවනින් එතෙර
කවිය බලන්න