සතුටද දුකද කවියට වැඩිපුරම හැඩ....

සතුටද දුකද කවියට වැඩිපුරම හැඩ....

උදයංගනී විජේරත්න

සීතල රැයක අවදිව ඇති කඩුපුලක පාළුව තනිය මඟ හැර ගිය මඳ නලක ආදර සුවඳ දෙන මදහස පිරි මතක සීපද දුකට සතුටට ලියැවුණි පොතක... මදහස නැඟුනි සතුටට මුව මත රැන්දූ විසිරුණු මතක රැය සිහිනෙට යළි කැන්දූ නෙතු පිරි කඳුළු විරහව ලද පිනි බිංදූ කවිකර ලියමි සමබර කර හද බැන්දූ... හිනැහෙන හඬන සිතුවිලි ගෙන කඳුළු මැඩ අරුතට රසය මුසුවෙන තැන නොමැත මඩ අමුණන අකුරු පද ගැලපුම රැගෙන ඉඩ සතුටද දුකද කවියට වැඩි පුරම හැඩ.. ගලේවෙල...
කවිය බලන්න