අනේ මේ පොළොව
තටු සිඳී බිඳී ගිය
සාමයේ පරෙවියා
පණ යදී
දේශ සීමාව අස
වැයෙයි රණ බෙර
ගැයෙයි රණ ගී
තැබෙයි වෙඩිමුර
මායිමේ දෙපස සිට
පස මිතුරු විහඟ කැළ...
ඒ පසේ මේ පසේ
මියෙන රණ විරුවනගෙ
රුහිරු
ගලයි මායිම දිගේ
එකම රත් පැහැයෙන්
තමාගේ එකාගේ
රුහිරු හඳුනනු බැරිව
විපිළිසර වෙයි
මිතුරු ගණ...
ඉහළ අණ නිකුත්වෙයි
නැවත සතුරන් දෙසට
වෙඩි තැබෙයි
බෙදාගන්නට පොළොව
..........................
අනේ මේ පොළොව
කාගෙවත් නොවුනනම්...!
කවිය බලන්න
