ඇත්තෙන් මේ නුඹද

ඇත්තෙන් මේ නුඹද

රුවන් ඩී අළුබෝමුල්ලගේ

ඇඳගෙන කමිසෙ කලිසම බැඳ කර පටිය මූණ පේන්නට මැද මිරිවැඩි සඟළ කැරකෙන පුටුවෙ ඒ සී කුටියකට වැද සී සී කෙනෙකි වැඩ සොච්චම් පඩියකට සර් සර් කිව්වට කෙල්ලන් කොල්ලන් තියෙනව කැමැත්තෙන් කියනවදැයි සැකයක් මට නැති උපාදිය ඇතිවුන් ටික හරියක් සර් කියන්නේ ඇත්තෙන් අකමැත්තෙන් සීනියරිටි එකට ලොකු පුටුවකට නැග කරනා හරීය මහ කන්දකටත් වැඩිය හන්ඩ්රඩ් ප්‍රරසන්ට් කන්තෝරුවෙ වැඩ දන්න බැහැ මා එක්ක හැප්පෙන්නට කිසිවෙකුට කෑමට බීමකට තේ එකකට නියම වෙලාවක් නොගෙන ගැස්ට්‍රයිටිස්ය කුසේ දැන් දැන් බඩත් එනවා ඉදිරියට නෙරා ඇස් කණ්නාඩි දෙකකුත් ගන්නටත් වෙලා අළුතෙන් ආව ජී එම් නෝනා හැඩලූ නමවත් දන්නෙ නෑ සෙක්ෂන් එකේ අය කැඳවීමක් ලැබිය යුතු නෙව දකින්නට හැඩයි කීවාම ඉවසුම් නෑ හිතට පසුදා ලැබුණි කැඳවීමක් හමුවන්න බිය මුසු හැඟීමෙන් එබුනෙමි මුහුණ වෙත ඇදගත් හුස්ම ඉහළට, නොවැටුණි පහළ ඇස් අදහන්න බෑ ඇත්තෙන් මේ නුඹද
කවිය බලන්න