පස් දෙනෙකුගෙ අම්ම කෙනෙක්

පස් දෙනෙකුගෙ අම්ම කෙනෙක්

රුවන් ඩී අළුබෝමුල්ලගේ

රීඩ් මාවගේ ඇවිදින්
පොද වැස්සේ කුඩයක් යට
ගේට්ටුවෙන් ඇතුල් වෙනව යසෝදරා

දැක්ක හැටියෙ ඔයා මගේ හිත ගත්තා
අවුරදු දහයකුත් ගෙවිල දන්නෙම නෑ
එක කූඩුවකයි දැන් අපි
සිව් අවුරුදු කොළු පැටියත් තුරුල් කරන්

පන වගෙ ආදරෙයි අම්ම
කොළු පැටියට
අප්පච්චිත් එහෙම්මමයි

දැන් දැන් වසරක ඉඳලම
අම්ම හෙමින් කිට්ටු කරල මගේ කනට
ඈබන් ලොකු පුතේ
දැන් හොඳ නෙව තව පැටියෙක් හදා ගන්ට...

බේරෙන්නට බැරි හන්දම
අම්මගෙ මේ වදෙන් පොරෙන්
මං ඇහුවා
යසෝදරා අපි තව පැටියෙක් හදමුද
අහපු ගමන් කඩන් පැන්න යසෝදරා...

බෑ...බෑ...බෑ...
රාහුල හිටියම ඇති හොඳටම
මට බෑ එකතැන පල්වෙන්නට
ඔයා වගේ

මං ඉහළට යන්න ඕන
ලොකු පුටුවක ඉන්න ඕන
ලොකු පඩියක් ගන්ට ඕන
ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න ඕන...

බය වෙන්නට එපා යසා
අම්ම හදයි දරු පැටියව

අම්ම හදයි
වදන්න ඕනා මං නෙව

ඇති ඇති ඇති
එහෙනං අපි නහද ඉඳිමු

අනේ අම්මෙ ආයෙත්නම්
මට ඕවා කියන්නෙපා...
අම්මා හෙළුවා සුසුමක්...
පස් දෙනෙකුගෙ අම්ම කෙනෙක්...

කවිය බලන්න